හිතන්න ඔබ helmet එකක් ඔබේ හිසට දා ගත් පසුව එක පාරටම ඔබව ඇත්ත ලෝකය වගේම තාත්වික ලෝකයකට රැගෙන යනවනම් එය මොන තරම් සුන්දරද කියලා. ඔබට දුවන්න පුළුවන් ඕනි තැනක, පියාබන්න පුළුවන් වගේ දේවල් කරන්න පුලුවන්නම්. Hollywood Movies වලින් පමණක් ලබාගත්තු ඒ අත්දැකීම දැන් ඔබට සබැවටම ලබා ගැනීමේ හැකියාව Oculus Rift හරහා තිබෙනවා.
මොකක්ද මේ Oculus Rift කියන්නේ ?
Oculus Rift කියන්නේ තාත්වික ආකාරයෙන්(virtual reality) පෙන්වන ඇස් ආවරණ කට්ටලයක්(goggles). ඔබගේ පරිගණකය හෝ ජංගම උපාංගයන් සමග තමයි මෙය වැඩ කරන්නේ. Oculus Rift එක මුලින්ම නිර්මාණය කරනු ලැබුවේ Palmer Luckey කියන කෙනා. ඔහුගේ පළමු prototype එක 2012 දි E3 gaming කියන convention එකේදී තමයි මුලින්ම හදුන්වලා දෙන්නේ. එත් සමගම Palmer Luckey, Brendan Iribe කියන කෙනත් එක්ක එකතු වෙලා 2012 දි developer version prototypes විකුණනු ලැබුවා එහිදී කිසිවෙකුත් නොසිතු ආකාරයෙන් ඔවුන් $2.4 million වගේ විශාල මුදලක් හොයාගත්තා.
පසුව හරියටම 2014 මාර්තු 25 වනදා ලොව විශාලතම social networking දැවැන්තයා වන Facebook, Oculus VR company එක ඩොලර් බිලියන 2 ක මුදලකට මිලදීගත්තා.
කොහොමද මේ Oculus Rift එක වැඩ කරන්නේ ?
Oculus Rift එකේ පෙනුම හිමේදි පාවිච්චියට ගන්න ඇස් ආවරණ දෙකක් වගේ (ski goggles). වෙනසකට තිබෙන්නේ එහි ඇති ඉදිරිපස වීදුරුව වෙනුවට Mobile Phone එකේ Display එක පැමිණීමයි. ඒ Display එක ඉදිරියෙන් තව lenses කිහිපයක් තිබෙනවා focusing සහ reshaping වගේ දේවල් පාලනය කරන්න 3D Image එකක් විදිහට පෙන්වමින්. මේ goggles වල වෙනම sensors වගයක් තියෙනවා එක පළදින කෙනාගේ ඔලුව හැරවෙන දිශාව අදුරගෙන ඒ අනුව ඒ image එකත් හරවන්න එතකොට එක දැන්නෙන්නේ ඇත්තටම අපි වෙනම ලෝකයක ඉන්නවා වගේ.


0 Comment to "මොකක්ද මේ Oculus Rift කියන්නේ ?"
Post a Comment