Thursday, March 3, 2016

හොදම Gaming PC Designs

Gaming PCs දවසින් දවස තව තවත් වේගවත් වෙන අතරේම ඒවායේ හැඩයත් දැන් එක එක ආකාරයෙන් පැමිණෙනවා. දැන් කියන්න යන්නේ ඒ වගේ හොදම PC ටිකක් ගැන.

Acer Predator G6



Price -: $1,499

බැලු බැල්මට නම් මේක පිටසක්වල ජිවින්ගේ තාක්ෂනය අනුව හදපු එකක් වගේ කියල තමයි පෙන්නේ. එත් සමහරු කියන්න පුළුවන් මේක නිකම් ලොකු monster truck එකක Tire එකක් වගේ කියලා. ඒ කොහොම උනත් Acer company එකෙන් හදපු මේ PC එක දැනට ඇති ඉතාමත් නිර්මාණාත්මක නිෂ්පාදනයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි කඩවසම් Headset stand එකකුත් මෙත් සමගම පැමිණෙන අතර ලේසියෙන් මාරු කරන්න පුළුවන් වන පරදි hard drive bays වෙනමම නිර්මාණය කරලා තිබෙනවා. ගොඩක් Powerful CPU වලට වගේම Powerful Graphics Cards වලටත් Acer Predator G6 support කරනවා කියල තමයි කියන්නේ.

Operating System -: Windows 10 Home
CPU - : 6th Gen Intel® Core™ i7-6700k processor
GPU -: NVIDIA® GeForce® GTX 980 Ti
RAM -: 64GB DDR4 2133MHz
HDD -:  Can hold 12 TB


Star Wars Star Destroyer 




Star Wars Movie එකේ Star Destroyer Ship එක විදිහට නිර්මාණය කරලා තියෙන PC එකක් තමයි මේක.  PC එකේ වැඩ කරන ගමන් Star Destroyer Ship එක අපි මෙහෙයවනවා වගේ අත්දැකීමක් ලබාගන්න පුළුවන් මේ PC එක හරහා. මෙය දැනට මිලට ගැනීමටනම් නැ නමුත් අපිට මේ වගේම PC Tower එකක් හදාගන්න පුළුවන්. මේ link එකෙන් බලාගන්න පුළුවන් කොහොමද මේ PC එක නිර්මාණය උනේ කියල.

CyberPower Fang Trinity 




Price -: $899

මෙය blades 3 ක ආකාරයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. CyberPower Fang Trinity එකේ තියෙන විශිෂ්ටම දේ තමයි මෙහි  graphics card එක processor එක සහ storage එක වෙන වෙනම මේ blades 3න ඇතුලේ තමයි තියෙන්නේ.

iBuyPower Revolt 2




Price -:$899

මේ PC එක පෙන්නේ ටිකක් පොඩි PC එකක් වගේ, ඒ උනත් මේක අලුත් වෙනමම පරම්පරාවක PC එකක් කියල කියන්න පුළුවන්.
මෙහි තිබෙන Lights වල color එක අපිට අවශ්‍ය පරදි වෙනස් කරගැනීමේ හැකියාවත් මේ PC එකේ දිලා තියෙනවා. ඒ නිසා මිලියන 16ක colors අපිට මේ PC එකේ වෙනස් කරන්න පුළුවන්

MSI Vortex 




Price -:$1,999

MSI company එකේ නිමවුමක් වන MSI Vortex බැලු බැල්මට පෙන්නේ සිත් කාවදින විදිහට නිර්මාණය කරලා තියෙන කෝපි කෝප්පයක් වගෙයි.
මේ Vortex PC ඒක සහය දක්වනවා Nvidia GTX 980 Ti VGA 2කට ඒ නිසාම මේ PC එකට හැකියාව තිබෙනවා 4K සහ VR Games වලටත් සහය දක්වන්න

Share this

0 Comment to "හොදම Gaming PC Designs "

Post a Comment