Tuesday, March 8, 2016

Star Wars Battlefront

Star Wars Battlefront කියනේ Online හරහා Play කරන්න පුළුවන් ඉතා හොද Game එකක්. Star Wars Film එකේ Story එක වටා තමයි මේ Game එක ගොඩනැගී තිබෙන්නේ. මේකේ multiplayer විදිහට play කරන්න පුළුවන් ආකාර 4ක් තිබෙන අතර ක්‍රීඩකයන් 40 දෙනෙකුට එක පාර සම්බන්ද වීමේ හැකියාව තිබෙනවා. මෙහිදී ඔබට ගොඩක් වෙලාවට ක්‍රීඩා කිරීමට සිදුවන්නේ Battlefront soldier කෙනෙක් විදිහටයි නමුත් එය game mode එක අනුව වෙනස් වෙනවා ඒ නිසා සමහර අවස්ථා වලදී Luke Skywalker, Princess Leia Organa සහ Han Solo වගේ ප්රසිද්ධ චරිත හසුරවිමටත් අවස්ථාව හිමි වි තිබෙනවා. ඒ සැම අවස්ථාවකදීම ඔවුන්ගේ උපකරණ යොදා ගෙන සටන් කිරීමටත් හැකියාව ලබාදීලා තිබෙනවා, ඒ නිසා ඔබ Star Wars Movie එකෙන් ලබපු ඒ අත්දැකීම සැබෑවටම Star Wars Battlefront game එක හරහා විදගන්න පුළුවන්

Minimum PC System Requirements
OS: 64-bit Windows 7, Windows 8.1 or Windows 10
Processor (Intel): Intel i3 6300T or equivalent
Memory: 8GB RAM
Hard Drive: At least 40 GB of free space
Graphics card (NVIDIA): nVidia GeForce GTX 660 2GB
Graphics card (AMD): AMD Radeon HD 7850 2GB
DirectX: 11.0 Compatible video card or equivalent
Online Connection Requirements: 512 KBPS or faster Internet connection
Recommended PC System Requirements
OS: 64-bit Windows 10 or later
Processor (Intel): Intel i5 6600 or equivalent
Memory: 16GB RAM
Hard Drive: At least 40 GB of free space
Graphics card (NVIDIA): nVidia GeForce GTX 970 4GB
Graphics card (AMD): AMD Radeon R9 290 4GB
DirectX: 11.1 Compatible video card or equivalent
Online Connection Requirements: 512 KBPS or faster Internet connection




Thursday, March 3, 2016

හොදම Gaming PC Designs

Gaming PCs දවසින් දවස තව තවත් වේගවත් වෙන අතරේම ඒවායේ හැඩයත් දැන් එක එක ආකාරයෙන් පැමිණෙනවා. දැන් කියන්න යන්නේ ඒ වගේ හොදම PC ටිකක් ගැන.

Acer Predator G6



Price -: $1,499

බැලු බැල්මට නම් මේක පිටසක්වල ජිවින්ගේ තාක්ෂනය අනුව හදපු එකක් වගේ කියල තමයි පෙන්නේ. එත් සමහරු කියන්න පුළුවන් මේක නිකම් ලොකු monster truck එකක Tire එකක් වගේ කියලා. ඒ කොහොම උනත් Acer company එකෙන් හදපු මේ PC එක දැනට ඇති ඉතාමත් නිර්මාණාත්මක නිෂ්පාදනයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි කඩවසම් Headset stand එකකුත් මෙත් සමගම පැමිණෙන අතර ලේසියෙන් මාරු කරන්න පුළුවන් වන පරදි hard drive bays වෙනමම නිර්මාණය කරලා තිබෙනවා. ගොඩක් Powerful CPU වලට වගේම Powerful Graphics Cards වලටත් Acer Predator G6 support කරනවා කියල තමයි කියන්නේ.

Operating System -: Windows 10 Home
CPU - : 6th Gen Intel® Core™ i7-6700k processor
GPU -: NVIDIA® GeForce® GTX 980 Ti
RAM -: 64GB DDR4 2133MHz
HDD -:  Can hold 12 TB


Star Wars Star Destroyer 




Star Wars Movie එකේ Star Destroyer Ship එක විදිහට නිර්මාණය කරලා තියෙන PC එකක් තමයි මේක.  PC එකේ වැඩ කරන ගමන් Star Destroyer Ship එක අපි මෙහෙයවනවා වගේ අත්දැකීමක් ලබාගන්න පුළුවන් මේ PC එක හරහා. මෙය දැනට මිලට ගැනීමටනම් නැ නමුත් අපිට මේ වගේම PC Tower එකක් හදාගන්න පුළුවන්. මේ link එකෙන් බලාගන්න පුළුවන් කොහොමද මේ PC එක නිර්මාණය උනේ කියල.

CyberPower Fang Trinity 




Price -: $899

මෙය blades 3 ක ආකාරයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. CyberPower Fang Trinity එකේ තියෙන විශිෂ්ටම දේ තමයි මෙහි  graphics card එක processor එක සහ storage එක වෙන වෙනම මේ blades 3න ඇතුලේ තමයි තියෙන්නේ.

iBuyPower Revolt 2




Price -:$899

මේ PC එක පෙන්නේ ටිකක් පොඩි PC එකක් වගේ, ඒ උනත් මේක අලුත් වෙනමම පරම්පරාවක PC එකක් කියල කියන්න පුළුවන්.
මෙහි තිබෙන Lights වල color එක අපිට අවශ්‍ය පරදි වෙනස් කරගැනීමේ හැකියාවත් මේ PC එකේ දිලා තියෙනවා. ඒ නිසා මිලියන 16ක colors අපිට මේ PC එකේ වෙනස් කරන්න පුළුවන්

MSI Vortex 




Price -:$1,999

MSI company එකේ නිමවුමක් වන MSI Vortex බැලු බැල්මට පෙන්නේ සිත් කාවදින විදිහට නිර්මාණය කරලා තියෙන කෝපි කෝප්පයක් වගෙයි.
මේ Vortex PC ඒක සහය දක්වනවා Nvidia GTX 980 Ti VGA 2කට ඒ නිසාම මේ PC එකට හැකියාව තිබෙනවා 4K සහ VR Games වලටත් සහය දක්වන්න

Wednesday, March 2, 2016

මොකක්ද මේ Oculus Rift කියන්නේ ?





හිතන්න ඔබ helmet එකක් ඔබේ හිසට දා ගත් පසුව එක පාරටම ඔබව ඇත්ත ලෝකය වගේම තාත්වික ලෝකයකට රැගෙන යනවනම් එය මොන තරම් සුන්දරද කියලා. ඔබට දුවන්න පුළුවන් ඕනි තැනක, පියාබන්න පුළුවන් වගේ දේවල් කරන්න පුලුවන්නම්. Hollywood Movies වලින් පමණක් ලබාගත්තු ඒ අත්දැකීම දැන් ඔබට සබැවටම ලබා ගැනීමේ හැකියාව  Oculus Rift හරහා තිබෙනවා.

මොකක්ද මේ Oculus Rift කියන්නේ ?

Oculus Rift කියන්නේ තාත්වික ආකාරයෙන්(virtual reality) පෙන්වන ඇස් ආවරණ කට්ටලයක්(goggles). ඔබගේ පරිගණකය හෝ ජංගම උපාංගයන් සමග තමයි මෙය වැඩ කරන්නේ. Oculus Rift එක මුලින්ම නිර්මාණය කරනු ලැබුවේ Palmer Luckey කියන කෙනා. ඔහුගේ පළමු prototype එක 2012 දි E3 gaming කියන convention එකේදී තමයි මුලින්ම හදුන්වලා දෙන්නේ. එත් සමගම Palmer Luckey, Brendan Iribe කියන කෙනත් එක්ක එකතු වෙලා 2012 දි  developer version prototypes විකුණනු ලැබුවා එහිදී කිසිවෙකුත් නොසිතු ආකාරයෙන් ඔවුන් $2.4 million වගේ විශාල මුදලක් හොයාගත්තා.

පසුව හරියටම 2014 මාර්තු 25 වනදා ලොව විශාලතම social networking දැවැන්තයා වන Facebook, Oculus VR company  එක ඩොලර් බිලියන 2 ක මුදලකට මිලදීගත්තා.

කොහොමද මේ Oculus Rift එක වැඩ කරන්නේ ?

Oculus Rift එකේ පෙනුම හිමේදි පාවිච්චියට ගන්න ඇස් ආවරණ දෙකක් වගේ (ski goggles). වෙනසකට තිබෙන්නේ එහි ඇති ඉදිරිපස වීදුරුව වෙනුවට Mobile Phone එකේ Display එක පැමිණීමයි. ඒ Display එක ඉදිරියෙන් තව lenses කිහිපයක් තිබෙනවා  focusing සහ reshaping වගේ දේවල් පාලනය කරන්න 3D Image එකක් විදිහට පෙන්වමින්. මේ goggles වල වෙනම sensors වගයක් තියෙනවා එක පළදින කෙනාගේ ඔලුව හැරවෙන දිශාව අදුරගෙන ඒ අනුව ඒ image එකත් හරවන්න එතකොට එක දැන්නෙන්නේ ඇත්තටම අපි වෙනම ලෝකයක ඉන්නවා වගේ.