Monday, February 22, 2016

Samsung Galaxy S7 හදුන්වාදීම

අද කාලයේ Mobile Phones ගත්තම ගොඩක් ඉහලින්ම තිබෙන සහ ගොඩ දෙනෙක් පාවිච්චි කරන Phone Series එකක් තමයි Samsung Galaxy Series එක. Samsung Galaxy පවුලේ අලුත්ම සාමාජිකයා ඊයේ(22-02-2015) දිනයේදී Samsung වෙතින් එලි දැක්කුව, ඒ තමයි Samsung Galaxy S7 එක. මේකත් Samsung Galaxy S6 එක වගේම Samsung Galaxy S7 edge සහ Samsung Galaxy S7 ලෙසයි පැමිණෙන්නේ. නමුත් මේ දෙකේ Display Size එක ටිකක් වෙනස් මොකද Galaxy S7 එකේ තියෙන්නේ 5.1” display එකක් සහ Galaxy S7 edge තිබෙන්නේ 5.5”,  curved edge display එකක් නමුත් මේ දෙකම ඉතාමත් ඉහල තත්වයේ තිබෙන Quad HD super AMOLED diplay දෙකක්. Samsung Galaxy S7 edge සහ Samsung Galaxy S7 දෙකම පැමිණෙන්නේ ප්‍රබල 4GB Ram එකක් සමගයි. අපි බලමු මොනවද මේකේ තිබෙන අලුත් Features කියලා.

Samsung Galaxy S7 edge සහ Samsung Galaxy S7 කියන දෙකම Water-resistant ලෙසයි පැමින්නේනේ එනම් ඔබේ Mobile Phone එක වතුරට වැටුනත් බය වෙන්න දෙයක් නැහැ මොකද ඇතුලට වතුර යන්නේ නැති වෙන්න තමයි එයාල මේ Phone එක හදලා තියෙන්නේ. Water-resistant අතින්  IP68 කියන Rating එකත් මේ Galaxy S7 එකට හම්බ වෙලා තියෙනවා. ඒ නිසා Water-resistant අතින් බැලුවම අද කාලයේ තිබෙන හොදම Mobile Phone එකක් තමයි Galaxy S7 කියන්නේ.

මේකේ Camera එක ගත්තාම ගොඩක් වැඩිදියුණු කරපු Camera එකක් කියලා කියන්න පුළුවන් මොකද Galaxy S7 එක තමයි ලොව පලමුවතාවට dual-pixel(ද්විත්ව-පික්සල) තාක්ෂනය සමග එන පළමු smartphone එක. ඉතා වේගවත් autofocus හැකියාවක් අඩු නොපැහැදිලි පින්තුර සදහා ලබාදෙන අතර ඉතාමත් ඉහල තත්වයේ sensors(සංවේදක) පාවිච්චි කරලා තිබෙනවා අඩු එළියක් සහිත අවස්ථා වලදී පින්තුර ඉතාමත් හොදින් ලබා ගැනීමට. මෙහි ඉදිරි පස Camera එක 5MP වන අතර පිටුපස Camera එක 12MP එකක් වෙනවා.

මෙහි Battery එක පිළිබඳව කතා කරනවනම් Galaxy S7 edge එක සමග පැමිණෙන Battery එක 3600 mAh බලයක් තිබෙන එකක් වන අතර Galaxy S7 එක 3000 mAh බලයක් සමග පැමිණෙයි. ඒවගේම ඉතාමත් වේගවත් wireless charging පහසුකමක් තිබෙන නිසා ඉතාමත් අඩු කාලයක් තුලදී 0 - 100% වෙනකම් Battery එක Charge කරගැනීමේ හැකියාව තිබෙනවා.

තවද මේ Phone එකේ Internal Storage එක 32/64 GB විදිහට තමයි වෙළඳ පොලට එන්නේ ඊට අමතරව ඕනි නම් microSD එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. microSD එකක් පාවිච්චි කරනවනම් 200 GB වෙනකම් එකක් පාවිච්චි කිරීමේ හැකියාව තිබෙනවා.

Android අලුත්ම මෙහෙයුම් පද්දතිය වන Marshmallow OS එකෙන් බලගැන්වෙන Galaxy S7 දුරකථනය ඉතාමත් ඉහල තත්වයේ තිබෙන දුරකතයක් කියල තමයි ගොඩක් අය විස්වාස කරන්නේ.


Samsung Galaxy S7

 Samsung Galaxy S7 edge



Samsung Galaxy S7 පිලිබඳ වැඩි විස්තර දැනගැනීමට මෙතනින් පිවිසෙන්න
Samsung Galaxy S7 edge පිලිබඳ වැඩි විස්තර දැනගැනීමට මෙතනින් පිවිසෙන්න 

Thursday, February 18, 2016

NFC ( Near Field Communication ) ගැන ඉගෙනගමු

මොකක්ද මේ NFC කියන්නේ? NFC කියන්නේ ඉතාමත් සරල Technology එකක්. මේය ගුවන්විදුලි සංඛ්යාත හඳුනාගැනීමේ (RFID) තාක්ෂනයත් සමග දියුණු උණු තාක්ෂණයක්, NFC Chip එක ක්‍රියා කරන්නේ රැහැන් රහිත සම්බන්දතාවයක එක් කොටසක් ලෙසයි, එය තවත් Chip එකක් මගින් Activate කල පසු චිප් දෙක අතර දත්ත හුමාරු කිරීමක් සිදු වෙනවා ඒ සදහා NFC තිබෙන Devices දෙක අඩුම තරමින් සෙන්ට්ම්යිටර් 3ක 4ක දුරින් වත් තියෙන්න ඕනි.

චිප් දෙක අතර link එකක් හැදෙන්න Bluetooth වල වගේ කිසිම  pairing code එකක් ඕනි කරන්නෙත් නැ මොකද NFC චිප්ස් වැඩ කරන්නේ ඉතාමත් පොඩි විදුලියක් බාවිත කරලයි ඒ නිසා මෙහි ඉතාමත් හොද විදුලි කාර්යක්ෂමතාවයක් තිබෙනවා වෙනත් රැහැන් රහිත සම්බන්දතාවයන් එක්ක බලනකොට (Ex . Bluetooth)

අද කාලයෙ ක්රෙඩිට් කාඩ් තුල NFC චිප්ස් අළුත් දෙයක් නොවේයි. NFC ඇතුලත් ක්රෙඩිට් කාඩ් බොහෝ අවස්ථා වලදී පාවිච්චි කරන්නේ contactless payments සදහා. එහෙත්, NFC සමග මෑතදී සිදුවූ තවත් විශේෂ දෙයක් වන්නේ, බොහෝ  Mobile Phones සමග NFC ත් පැමිණීමයි ඒ සමගම  contactless payments කිරීමේ ප්‍රතිශතය ගොඩක් ඉහල ගිහින් තිබෙනවා. සුපර්මාකර්ට්, දුම්රිය තවතුම්පොලවල් වල වගේ ගොඩක් පොදු ස්ථාන වල දැන්  NFC පාවිච්චි කරලා contactless payment කිරීමේ හැකියාව තිබෙනවා.


ඔබෙත් Android දුරකථන Battery Optimization එක වැඩි කරගන්න

ඇන්ඩ්රොයිඩ් දුරකථන වල මුල සිටම බැටරි කාලය වැඩි දියුණු කිරීම සඳහා ක්රම කිහිපයක් ඇත. පළමු වැන්න නම්, ඔබ 'ambient display' හෝ 'adaptive brightness' නිවා දැමිය යුතුය. පහත විස්තර කර ඇති පරදී ඔබේ දුරකතනයෙත් Settings වෙනස් කරගන්න. අවට තිබෙන lighting conditions අනුව brightness නිකම්ම වෙනස් වෙන නිසා  battery optimization එක වැඩි වේවි ඔබෙගේ දුරකතයේත්. නමුත් මෙය තමයි තිබෙන සුදුසුම method එක කියලා කියන්නත් බැ, මොකද Mobile Phones වල light level එක අදුරගන්න පාවිච්චි කරන Sensor එක අපේ ඇස තරම් නිවැරදි නැති නිසා. හැකිනම් පුළුවන් තරම් Brightness එක අඩු කරලා තියාගන්න උත්සාහ කරන්න මොකද Battery drain වෙන්න ප්‍රධානම හේතුවක් තමයි Display Brightness එක.



මීට අමතරව හැම Android UI එකක් වගේම එන්නේ Battery Saving Mode එකකුත් එක්ක. ඔබේ තිබෙන අවශ්‍යතාවය අනුව මේ Option එක පාවිච්චි කරලා බලන්න. තව දෙයක් තමයි android phone එකෙන් phone එකට මේ Setting එකේ කාර්යක්ෂමතාවය වෙනස් වෙනවා.

උදාහරණයක් ලෙස, Sony Stamina mode එකෙන් Battery Performance එක ඇත්තටම හොද තැනක තියාගන්න පුළුවන් මොකද අනිත් Battery Saving Mode එක්ක බැලුවම ගොඩාක් අඩු බලපෑමක් තමයි Phone එකේ Performance එකට වෙන්නේ .

වෙනත් Phones වල තිබෙන Android battery saving option එකෙන් ගොඩක් ලොකු බලපෑමක් එල්ල වෙනවා Phone එකේ කාර්යක්ෂම තාවයට ඒ නිසා  ඒ Option එක අවශ්‍යම වෙලාවක පමණක් පාවිච්චි කරන්න.

අනිත් අතින් බැලුවම HTC's Power Saver එක සතුව තිබෙනවා වටිනා කියන Options ගොඩක් අපිට අවශ්‍ය වෙලාවට Disable හරි Enable හරි කරගන්න. වෙනත් Battery Saving Mode වලට වඩා මෙය ගොඩක් හොද එකක් කියල තමයි කියන්න තියෙන්නේ.


සුපර්චාර්ජ කරගන්න ඔබේ Wi-Fi එක

ඔබ දැන සිටියාද ඔබේ දත්ත භාවිතය කාලය හා මුදල් ඉතිරි කිරීමට ක්රෝම් හරහා පුළුවන් බව? මේ ආකාරයට, මම පසුගිය මාසය තුළ සියයට 30 කින් මගේ දත්ත භාවිතය අඩු කරගෙන තියෙනවා.

Go to Chrome > Settings > Data Saver and turn it on.



ඒ වගේම අපිට පුළුවන් Wi-Fi  එක අපි නිදියගෙන ඉන්න කොට උනත් On එකේ තියෙන්න ඕනි විදිහට වෙනස් කරන්න පහත ආකාරයට 

Settings > Wi-Fi > Advanced > Keep Wi-Fi on during sleep and select Always


මේ විදියට කරන එකෙන් අපිට අපේ Phone එකේ Battery Life එක පවා ආරක්ෂා කරගන්න පුළුවන් මොකද සැරෙන් සැරේ Wi-Fi එකට Connect වෙන්න අවශ්‍යතාවයක් අපිට නැති නිසා.